- See more at: http://www.mybloggerwidgets.com/2013/10/add-facebook-activity-feed-widget-to.html#sthash.ZOATl1ty.dpuf

Mar 28, 2014

පිරිමි හැමෝම මෙහෙම තමයි... හිරු වේතින්..


           පිරිමි එක්ක සතුටින් ඉන්න මේ පියවර අනුගමනය කරන්න 
01. කිසිම දෙයක් ඔහු ලවා බලෙන් කරගන්න යන්න එපා. පිරිමියෙක් දෙයක් කරන්න පෙළබෙන්නේ ඔහුට ඇත්තටම එහෙම කරන්න උවමනා වුනහම විතරයි.

02. කවමදාකවත් ඔහුට බොරු කියන්න යන්න එපා. ඔබ හංගන්න හදන්න්නේ මොකක් ද කියලා ඔහුට හරි හැටි වටහීමක් නැති වුනත්, ඔබ කියන්නේ බොරුවක් කියලා ඔහුට හොදටම තේරෙනවා.

03. ඔහු කැමති හැමදේටම,ඔබත් කැමති වෙනවා දකින්න ඔහු හරිම ආසයි. ඒක නිසා ඔහුගේ තෝරාගනීම් වලට ඔබ ඇත්තටම කැමති වුනත් නැතත්,ඒවා අගය කරන්න පුරුදු වෙන්න.

04. ගමනක් යන්න ලෑස්ති වෙන වෙලාවක, ඔබට ගැළපෙන ඇදුම,ඔබම තෝරා ගන්න. ඔහුගෙන් ඔබට ගැලපෙන්නේ මොකක් ද කියලා අහ අහ හිටියොත් ඔබට පිස්සු හැදෙයි.

05. පිට මිනිස්සු ඉස්සරහා ඔබ හැම වෙලාවකදීම ඔහුගේ පැත්තට කතා කරන්න. බැරි වෙලාවත් ඔබ ඔහුගේ පැත්තට කතා නොකලොත් ඒකට කවදාකවත් සමාවක් නම් හම්බ වෙන්නේ නෑ.

06. ඔබේ කොණ්ඩය දිගට වවලා තියෙනවාට ඔහු ප්‍රිය කරනවා. ඒක නිසා ගොඩාක් කොණ්ඩය කොටට කපන්න යන්න එපා.

07. පාටි එකකට ගිය වෙලාවට ඔහු ගාවින්ම ඔබ ඉන්නවට ඔහු හරි ප්‍රියයි.

08. ඔහුට ලස්සන යාලුවෝ ඉන්නවනම් එහෙම යාලුවන්ට වැඩි අවධානයක් දෙන්න යන්න එපා. එහෙම කළොත් ඔහු ඔබ ගැන වැරදි විදිහට හිතන්න පටන් අරගෙන ඔබව සැක කරාවි.

09. ඔහු ඔබගේ විශ්වාසය කඩ කරලා ඒ වෙනුවෙන් සමාව අරගෙන ආයෙමත් කවදාකවත් ඔහු ඔබට ද්‍රෝහි වෙන්නේ නෑ කියලා කොච්චර පොරොන්දු වුනත්,ඔහු නැවතත් ඒ වැරැද්දම කරනවා.

10. මේ කොයි විදිහට කළත්,ඔබේ ලෝකයේ ඉන්න,ලස්සනම,සුන්දරම,හොදම,ආදරවන්තයා ඔහුයි. ඔබ එහෙම හිතනවට ඔහු බොහෝ කැමතියි. 


උපුටා ගැනීමකි..

No comments:

Post a Comment