- See more at: http://www.mybloggerwidgets.com/2013/10/add-facebook-activity-feed-widget-to.html#sthash.ZOATl1ty.dpuf

Mar 31, 2014

ඉපදුණ මාසේ ... හැටියට වාසේ ...!



ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්‍රමයක්.

ඔයා ඉපදුණේ January වල නම්,
ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහ

ැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. Romantic වුණත් ඒක කෙළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.

February වල ඉපදුණ අය,

ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර වෙලාවට ඔයාට ඉක්මනටම කේන්ති යනවා, ඒත් එක්කම ඉක්මනට දුක දැනෙනවා. ඔයත් ආදරේ හිත ඇතුළේ තියාගෙන පෙන්නන්නේ නැති කෙනෙක්. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එක.

March වල ඉපදුණ ඔයා,

හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තියෙනවා. හරිම Romantic, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි, mood ගහනවා. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා.

ඔයා ඉපදුණේ April වල නම්,

හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට පසු තැවෙන්න වෙනවා. ඔයාට හුඟක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා, උපායශීලීයි, ඒ වගේම ශක්තිමත්. අනිත් අයගේ අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක් ආදරෙයි. හැබැයි ඉතිං සමහර වෙලාවට හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට හොඳ මතකයක් තියෙනවා. ඊර්ශ්‍යාව කියන්නේ ඔයා ළඟ තියෙන නරකම නරක ගතිගුණයක්. හැබැයි එහෙම කියලා ඔයා නරකම නෑ.

ඔයා May වල ඉපදුණා නම්,

ඔයා හරිම ලස්සන කෙනෙක්, මූණෙන් විතරක් නෙමෙයි හදවතිනුත් හරිම ලස්සනයි. ඒ නිසා ලේසියෙන්ම අනිත් අයගේ ආදරය, අවධානය දිනා ගන්නවා. ඔයාට අනිත් අයව හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔයා හරිම creative කෙනෙක්. තර්ක කරන්නත් හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, History ඉගෙන ගන්න හරිම කැමතියි. මහන්සි වෙලා වැඩ කරන නිසා විවේකය නම් ටිකක් අඩුයි. කෙළින් තීරණ ගන්නවා. ඒ නිසාම ඉක්මනින් කේන්ති යන්න පුළුවන්. හීන දකින්න හරිම කැමතියි. අඩුවකට තියෙන්නෙ ඉක්මනට "අහු වෙන එක" තමයි.

June වල ඉපදුණ ඔයා,

දුර දිග බලලා වැඩ කරනවා, අනුන්ට හුඟක් ගරු කරනවා. කතා තරන්නේ නම් හරිම හෙමීට. වැඩක් කරන්න ගියාම හුඟක් වෙලා ගන්නවා. දෙයක් තෝර ගන්න ගියාමත් ඕනවට වඩා හිතනවා. ඔයාට හොඳම දේ තමයි හැමවෙලේම ඕන කරන්නේ. ඔයා හරිම creative කෙනෙක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. ඒ නිසාම හුඟක් යාළුවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තියෙනවා නම් වෙන කිසි දෙයක් ඕන නෑ. බැරි වෙලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුණොත් recover වෙන්න සෑහෙන කාලයක් යනවා. මොනවා වුණත් ඔයා වෙනම Angle එකකින් ලෝකේ දිහා බලන කෙනෙක්.

July වල ඉපදුණා නම්,

ඔයා ආශ්‍රය කරන්න හොඳ, ඒත් තේරුම් ගන්න අමාරු කෙනෙක්. හැසිරීම නම් හරිම හොඳයි. හැමදේම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අවංකයි, විශ්වාසනීයයි. යාළුවෙක් විදිහට නම් මරු. හුඟක් fit වෙනවා. හරිම sensitive. තමන්ට වැරැද්දක් කළොත්, සමාව දෙනවා. ඒත් ඒක හිත යට තියාගෙන ඉන්නවා අමතක කරන්නේ නෑ ලේසියෙන්. අනවශ්‍ය jokes වලට කැමති නෑ. හැබැයි ඔයා හැමවෙලේම මිනිස්සු මනින්නේ පිටතින්. ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි. තනිකඩව ඉන්න තමයි වැඩිපුර කැමති. මහන්සියෙන්, තමුන්ගේ වැඩක් කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

August වල ඉපදුණ ඔයා,

Jokes වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. Team එකක leader කෙනෙක් වෙන්න සුදුසුම කෙනෙක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා. නිදහසේ ඉන්න හරිම කැමතියි. පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න හරිම කැමතියි.

ඔයා ඉපදුණේ September වල නම්,

ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

B’Day එක තියෙන්නේ October වල නම්

ඔයාගේ බොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට හොඳින් සලකන හොඳ හිතක් තියෙන කෙනෙක්. කතාවට වැටෙන්න හරිම කැමතියි. හරිම ප්‍රේමාන්විතයි. ඒත් හිටපු ගමන් ටිකක් ආත්මාර්ථකාමී, අනිත් අයගේ මතයට ගරු කරන්නේ නැති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්නවා.

November වල ඉපදුණු ඔයා

Creative ideas තියෙන කෙනෙක්. ඉදිරිය ගැන ගොඩක් හිතනවා. ඔයාටම කියලා identity එකක් හදා ගන්නවා. ඒ නිසා හැම වෙලාවේම කැපිලා පේනවා. හැමෝගෙම පිළිගැනීම, මූලිකත්වය ලැබෙනවා. හොඳට හිතට බලලා වැඩ කරනවා, ප්‍රශ්න අහනවා. හැබැයි ලේසියෙන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම නිර්භීතයි. අනිත් අයව වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරයේ දී නම් ඔයා හරිම අවංකයි. හැඟීම් පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා කොයි වෙලාවේ කොහොම හැසිරෙයිද, මොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.

ඔයා ඉපදුණේ December වල නම්

හරිම අවංකයි. අනිත් අයට ගරු කරන්න හොඳට දන්නවා. හොඳට හැදිච්ච කෙනෙක්. රටට ජාතියට ආගමට හරිම ආදරෙයි. හරිම සමාජශීලීයි. ඒ වගේම අනිත් අයගේ අවධානය දිනා ගන්නත් හරිම කැමතියි. ඔයා හුඟක් ඉවසන කෙනෙක් ඒ නිසාම වැඩිය තරහ යන්නේ නෑ. නිදහසේ ඉන්න හරිම කැමතියි. ඔයාට එක එක තහංචි දානවට හරිම අකමැතියි. ඔයාට තියෙන්නේ හරිම හොඳ උණුවෙන හිතක්.

ගත්තේ කාගෙන්ද කියලා නම් අහන්න එපාාාාා

අප්‍රේල් මස ලග්න පලා පල


Mar 30, 2014

ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව ගැන දැන ගමු....

මෙහෙවර

සංස්කෘතික දායාදයේ කොටසක් ලෙස රාජ්‍ය ලේඛන විධිමත් කළමනාකරණය සහ සංරක්ෂණය

දර්ශනය

ජාතික ලේඛනාරක්ෂක නීතිය සහ ඊට අදාල නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, ස්ථිර සංරක්ෂණය සඳහා රාජ්‍ය ලේඛන සහ අද්විතීය ‍ලේඛන ආබද්ධ කර ගැනීම, සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන රාජ්‍ය ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය, අදාල නීති රීති වලට අනුකූලව නීතිමය තැන්පතුවට පුවත්පත් සහ ප්‍රකාශන උපචිත කරගැනීම, රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියේ දී සහ මහජන පර්යේෂණ සඳහා තැන්පතු ලේඛනවලින් තොරතුරු සමුද්‍දරණය කිරීමට පහසුකම් සැලසීම.

අරමුණු හා කාර්යයන්

1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත සහ 1981 අංක 30 දරණ ජාතික ලේඛනාරක්ෂක (සංශෝධන) පනත අනුව අරමුණු හා කාර්යයන්.
  1. රාජ්‍ය ලේඛනවල භාරකාරත්වය දැරීම හා ඒවායේ භෞතික තත්වය ආරක්ෂා කිරීම.
  2. පර්යේෂණ හා විමර්ශන කාර්යයන් සඳහා ඒවා ලබාදීම.
  3. රාජ්‍ය ආයතනවල ලේඛන සමීක්ෂණය.
  4. ජනාධිපති අධිලේඛනාගාර පරිපාලනය හා විමර්ශන සේවාව.
  5. මෙරට ප්‍රකාශයට පත්කරන ප්‍රකාශනවල සහ පුවත්පත් වල නීතිමය තැන්පතු කෝෂ්ඨාගාරය ලෙස කටයුතු කිරීම.
  6. පෞද්ගලික ලේඛන එකතුව සංරක්ෂණය හා නාමාවලිගත කිරීම.
  7. රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ පුද්ගලයන්ට ලේඛන සංරක්ෂණය සදහා සහය වීම .
  8. පූජ්‍ය ස්ථානවල ලේඛන සංරක්ෂණය.
  9. ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළු පැවැත්වීම.
  10. මුද්‍රණාල, මුද්‍රණාලකරුවන් හා ප්‍රකාශකයන් සහ පුවත්පත් සම්බන්ධ ආඥාපනත් ක්‍රියාත්මක කිරීම.

උපුටා ගැනීම හා කතුහිමිකම © 2014 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව

Mar 28, 2014

පිරිමි හැමෝම මෙහෙම තමයි... හිරු වේතින්..


           පිරිමි එක්ක සතුටින් ඉන්න මේ පියවර අනුගමනය කරන්න 
01. කිසිම දෙයක් ඔහු ලවා බලෙන් කරගන්න යන්න එපා. පිරිමියෙක් දෙයක් කරන්න පෙළබෙන්නේ ඔහුට ඇත්තටම එහෙම කරන්න උවමනා වුනහම විතරයි.

02. කවමදාකවත් ඔහුට බොරු කියන්න යන්න එපා. ඔබ හංගන්න හදන්න්නේ මොකක් ද කියලා ඔහුට හරි හැටි වටහීමක් නැති වුනත්, ඔබ කියන්නේ බොරුවක් කියලා ඔහුට හොදටම තේරෙනවා.

03. ඔහු කැමති හැමදේටම,ඔබත් කැමති වෙනවා දකින්න ඔහු හරිම ආසයි. ඒක නිසා ඔහුගේ තෝරාගනීම් වලට ඔබ ඇත්තටම කැමති වුනත් නැතත්,ඒවා අගය කරන්න පුරුදු වෙන්න.

04. ගමනක් යන්න ලෑස්ති වෙන වෙලාවක, ඔබට ගැළපෙන ඇදුම,ඔබම තෝරා ගන්න. ඔහුගෙන් ඔබට ගැලපෙන්නේ මොකක් ද කියලා අහ අහ හිටියොත් ඔබට පිස්සු හැදෙයි.

05. පිට මිනිස්සු ඉස්සරහා ඔබ හැම වෙලාවකදීම ඔහුගේ පැත්තට කතා කරන්න. බැරි වෙලාවත් ඔබ ඔහුගේ පැත්තට කතා නොකලොත් ඒකට කවදාකවත් සමාවක් නම් හම්බ වෙන්නේ නෑ.

06. ඔබේ කොණ්ඩය දිගට වවලා තියෙනවාට ඔහු ප්‍රිය කරනවා. ඒක නිසා ගොඩාක් කොණ්ඩය කොටට කපන්න යන්න එපා.

07. පාටි එකකට ගිය වෙලාවට ඔහු ගාවින්ම ඔබ ඉන්නවට ඔහු හරි ප්‍රියයි.

08. ඔහුට ලස්සන යාලුවෝ ඉන්නවනම් එහෙම යාලුවන්ට වැඩි අවධානයක් දෙන්න යන්න එපා. එහෙම කළොත් ඔහු ඔබ ගැන වැරදි විදිහට හිතන්න පටන් අරගෙන ඔබව සැක කරාවි.

09. ඔහු ඔබගේ විශ්වාසය කඩ කරලා ඒ වෙනුවෙන් සමාව අරගෙන ආයෙමත් කවදාකවත් ඔහු ඔබට ද්‍රෝහි වෙන්නේ නෑ කියලා කොච්චර පොරොන්දු වුනත්,ඔහු නැවතත් ඒ වැරැද්දම කරනවා.

10. මේ කොයි විදිහට කළත්,ඔබේ ලෝකයේ ඉන්න,ලස්සනම,සුන්දරම,හොදම,ආදරවන්තයා ඔහුයි. ඔබ එහෙම හිතනවට ඔහු බොහෝ කැමතියි. 


උපුටා ගැනීමකි..

Mar 22, 2014

කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්නා කරුණු කීපයක් :)




  • කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.
  • කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.
  • කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.
  • කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.
  • කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.
  •  කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.
  •  කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.
  •  අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.
  •  කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.
  • කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.
  •  "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.
  • මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.
  • කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.
  •  කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.
  • තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි
  •  කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.
  •  කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ. 
  •  කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.
  • කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා

Mar 15, 2014

ධර්මය තුළ රැඳුණු සිත හැම තිස්සෙම රැකෙනවා


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අමා දම් රස වෑහෙන ධම්මපදයේ එන "නන්ද මහරහතන් වහන්සේගේ කථා වස්තුව"අද දින ඔබට බැති සිතින් පුදමි..


නොදැන ගියොත් අතරමග - අධිවේගී මාර්ගය භාවිතය ගැන උපදෙස්....








තමන් ගේ වෙබ් අඩවිය අනිත් අයට පේන හැඉ බලන්න........ :p



මේක විශේෂයෙන්ම වෙබ් නිර්මාණකරුවන් ට වැදගත් දෙයක්. මොකද තමන් හදන වෙබ් සයිට් එක අනුන්ගේ පරිගනක වල පේන හැටි ඔයාලගේ පරිගණකයෙන්ම බලා ගන්න පුළුවන්. අනික පරිගණකවලින්විතරක නෙමේ , මොබයිල් ෆෝන් වලින් පේන හැටිත් බලන්න පුළුවන්. ඔය පල්ලෙහා තියෙන්න ලින්ක් එකයි , 

Mar 14, 2014

අගමැති තාත්තා මොන්ටිසෝරි ගිහින් දුව කරගහගෙන එයි

රාජ්‍ය නායකයකුගේ උර මත කෙතරම් බරක්‌ පැටවී ඇතත් තම දරුවාගේ බර ඔහුට නම් කිසිම "බරක්‌" නොවන බව පෙන්වන පින්තූරයකි මේ. එංගලන්තය වැනි ලෝකයේ බලවත් රාජ්‍යයක අගමැතිවරයකුට ඇති වගකීම කොතරම් දැයි කියා පුන පුනා කීම අනවශ්‍යයි.
ඒ බව සනාථ කරමින් පසුගිය දිනෙක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය තුන් හැවිරිදි ආදර දියණිය ෆ්ලොරන්ස්‌ නිවසට රැගෙන ඒමට ඇයගේ පෙර පාසල වෙත ගියේය. ඔහු තම දියණිය තමාගේ වම් උරයට තද කරගෙන දකුණු අතින් ඇයගේ පුංචි රෝද තුනේ ස්‌කූටරය ද රැගෙන ගිය අන්දම ඔහු පසුපසින ගිය ඡායාරූප ශිල්පියකු දුටුවේ මෙසේය.
කොතරම් වැඩ රාජකාරි තිබුණද අගමැතිවරයා එදින සිය සිඟිති දියණිය ගැනීමට පෙර පාසල නිමා වන මොහොත වන විටම එහි ගොස්‌ ඇත. තමා ගෙන යැමට සිය පියා පැමිණ සිටිනු දුටු ඔහුගේ ආදර දියණිය ප්‍රීතියෙන් ඉපිල යන්නට ඇතිවාට සැකයක්‌ නැත.

එසේ යන අතරතුර පුංචි දියණිය අගමැති පියාගේ ඇස්‌ කුඩා අත්පොඩ්ඩෙන් වැසුවාය. හිස පිරිමැද්දාය. ඒ සියලු ආදරය ලබමින් පිය සෙනෙහස ද නොඅඩුව දෙමින් ඉතා නිදහස්‌ පුද්ගලයකු සේ අගමැතිවරයා නිවෙස කරා ගියේය.
එදින ඒ මොහොත වන විට එංගලන්ත කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වී තිබිණි. වහ වහා තම දියණිය නිවෙස තුළට ඇතුළු කළ කැමරන් ඊට සහභාගි වීමට පියමනින්නට ඇත්තේ සැහැල්ලු සිතකින් විය යුතුය.



Mar 13, 2014

ඔබ ඔබේ සහකාරිය/පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් උපත් පාලනය ගැන දැනුවත් විය යුතුය.



උපත් පාලනය යනු ලිංගිකත්වය සමගම බැඳුනකි.ඔබ ලිංගික කටයුතු වල නිරත වනවා නම් අනිවාර්යෙන්ම උපත් පාලන ක්‍රම ගැන දැනුවත් විය යුතුය.
මෙම ලිපියේ අරමුණ ඔබ ඔබේ පෙම්වතිය සමග ලිංගිකව එක්වන්නේ නම් ඒ සඳහා බාවිතා කල හැකි ක්‍රම ගැන දැනුවත් කිරීමය.

නමුත් එක දෙයක් කිව යුතුය .තවමත් 100 % ක අරාක්ශාවක් දෙන ක්‍රමයක් සොයාගෙන නැත.ඕනෑම ක්‍රමයක අවදානමක් තිබේ.

1.
ඔබට කල හැකි හොඳම දෙය නම් ගැඹුරු ලිංගික ක්‍රියාකාරකම්(Deep sex) හැකිතරම් ප්‍රමාද කිරීමය.ඔබ විවාහයට පෙර සියලු දෙය කරනවා යනු ඔබට විවාහයෙන් පසු අලුත් දෙයක් නොමැත.ඔබේ මදු සාමය පවා එතරම්ම ත්රිල්ල් එකක් නැති වනවා ඇත.

2.
ඔබට ලිංගික කටයුතු අවශ්‍ය නම් එය සාමාන්‍ය ලිංගික හැසිරීම් පමණක් විය යුතුය.(උදාහරණයක් ලෙස ඔබ කිසිදා පෙම්වතිය සමග රුම් එකකට නොයා යුතුය.නමුත් ඔබට වෙනත් විකල්ප ස්ථානයක සාමාන්‍ය ලිංගික කටයුත් වල යෙදිය හැක.)

3.
කෙසේ හෝ ඔබ ලිංගිකව හැසිරෙන්නේ නම් හොඳම දෙය කොන්ඩමයක් බාවිතා කිරීමය. මෙය 100% ක් නැතත් සැලකිය යුතු ආරක්ෂාවක් ලබා දේ.
එක කොන්ඩමයක් බාවිතා කල යුත්තේ එක වරක් පමණි.

4.
පිටතට ගැනීමේ ක්‍රමය(Withdrawal method) ඉතාමත් අපරික්ශාකරීය.ඒ සඳහා මනා සංයමයක් සහ පුහුණුවක් තිබිය යුතුය.විවාහයටේ පෙර ඔබට එම සංයමය නැත.

5.
ඔසප් චක්‍රයට අනුකුලව ලිංගික කටයුතු කිරීම(Periodic Abstinence )-මෙයද ඉතා අපරික්ෂාකාරී ක්‍රමයකි.


කාන්තාවකගේ ඔසප් වීමට පෙර හා පසු අවදිය සාමාන්යෙන් ඔවුන්ගේ නිසරු අවදියයි.මෙම කාලය ලිංගික කටයුත් සඳහා සුදුසු වන්නේ ඒ නිසාය.


මෙම චර්ට් එකට අනුව Dry Day  යනු නිසරු කලයයි.
wet day sවල ඔබ කිසිසේත්ම කොන්ඩෝම් රහිතව ලිංගිකව එක් නොවිය යුතුය.

ඉහත සඳහන් ක්‍රම කීපයක් එකවර බාවිතා කිරීමෙන් අවදානම අඩු කර ගත හැක.උදාහරණයක් ලෙස ඔසප් හමාර වී දින දෙකකට පසු කොන්ඩමයක් බාවිතා කිරීම අවදානම ඉතා අඩු ක්‍රමයකි.

තවත් ක්‍රම තිබුනද ඒවා අවිවාහක යන්ට නොගැලපේ..

කෙසේ හෝ ඉහත කිසිම ක්‍රමයකින් තොරව ඔබ ලිංගික ක්‍රියාකාරකමක් කලේ නම් ඔබට පැය 72 ක් තුල ඔබේ පෙම්වතිය ට දීමට පෙතිවර්ගයක් ඇත.මෙය හැකි ඉක්මනින් දීම යෝග්‍යය.
++
නමුත් වැදගත්ම කරුණ වන්නේ මෙය 100% සුපරික්ෂාකාරී ක්‍රමයක් නොවීමය. මෙම පෙත්ත (2)බාවිතා කලද ගැබ්ගත් අවස්ථා ඒමට ඇත.
++
අනික් වැදගත්ම කරුණ වන්නේ මෙම පෙත්ත නිතිපතා(regular) උපත් පාලන ක්‍රමයක් ලෙස බාවිතා නොකළ යුතුය.මෙහි ආදී සාන්ද්‍ර හොර්මණ අඩංගු අතර එය කාන්තාවන්ගේ ශරීරයට අගුනය.නමුත් හදිස්සියකදී මෙම ක්‍රමය ඉතා යෝග්‍යය.

හදිසි උපත් පාලන පෙති



හදිසි උපත් පාලන පෙති යනු ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනයට භාවිත කරන ආකාරයේ ම හෝර්මෝන පෙති වර්ගයකී. නමුත් මෙම අවස්ථාවේ දී භාවිත කරනු ලබන්නේ සාමාන්‍යයෙන් භාවිත කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි.මෙම පෙති වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් (දින 3ක්)ඇතුළත භාවිත කල යුතුය.මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති ‍හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.