- See more at: http://www.mybloggerwidgets.com/2013/10/add-facebook-activity-feed-widget-to.html#sthash.ZOATl1ty.dpuf

Nov 25, 2014

Science Of Kissing

Science Of Kissing කෘතිය රචනා කරන ෂර්ලි කිර්ෂන්බෝම් සිපගැනීමට නව අර්ථකතනයක් දී තිබෙනව. එදා අපි හාදුවක් දුන්නේ ආදරයේ සංකේතයක් ලෙසයි. මව තම දරුවාට දුන් හාදුවෙත්, සැමියා බිරිඳට දුන් හාදුවෙත් , පෙම්වතිය පෙම්වතාට දුන් හාදුවෙත් සැඟවිල තිබුණේ ආදරයයි.
මෙතෙක් අපි හාදුවක දුටුවෙ ආදරය පමණක් වුණාට දැන් දැන් හාදුවක තව බොහෝ අරුත් වටිනාකම් සැඟව ඇති බවයි පැවසෙන්නෙ.
දෙතොල් සිපගැනීමකදි බැක්ටීරියා මිලියන ගණනක් දෙදෙනා අතර හුවමාරු වෙනව. මේ බැක්ටීරියා ශරීරයේ ප්‍රතිශක්තීකරණ ශක්තිය වැඩි වීමට හේතුවක් බවයි Science Of Kissing කෘතියෙන් පෙන්වා දෙන්නේ.
ආදරය පිළිබඳ හැගීම් උනන්දුව අඩු කරන හෝමෝන නිපදවීම අඩාල කරන්නත් හාදුවකට හැකියාව තියෙනව. ඒ වගේම සිපගැනීම තුළින් දරුවන්ට රෝග හා සටන් කරන්නට ශක්තියක් ලැබෙන බවත් ඇය පවසනවා. මේ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ආචාර්ය වරියක් වන ෂර්ලි කිර්ෂන්බෝම් සිප ගැනීමක ඇති වැදගත් කම ගැන ‍තව බොහෝ කරුණු මෙහි අවධාරණය කර තිබෙනව. ඒ නිසයි අතට අත දී යමෙකු පිළිගන්නවාට වඩා සිපගැනීමකින් අයෙකු පිළිගැනීම වඩාත් උචිත බව ඇය පවසන්නෙ.

Nov 23, 2014

ලොවම වෙනස්කළ 'පිස්සු' අදහස් 15ක්.



ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි.


Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ වෙබ් අඩවි රජකරපු කාලයක්. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ෆේස්බුක් තවත් එක් Friendster එකක්, MySpace එකක් වෙයි කියලයි.

Dropbox: ඩ්‍රොප්බොක්ස් කියන සේවාව එලියට එන කාලයේ ඔබේ ලිපි ගොනු sync කරන්න, share කරන්න පුළුවන් සේවා ගණනාවක්ම තිබුනා. ඒ වගේම මයික්‍රාසොෆ්ට් වගේ දැවැන්ත සමාගම් වලින් ලබා දෙන file sharing සේවාවන් පවා තිබුනා. ඒත් ඒ වෙනකොට තිබුනු අනෙක්ත් සේවාවන් වලට වඩා Dropbox හි වෙනස වුනේ සාමාන්‍යෙයන් අවශ්‍ය files පමණක් upload කරනවා වෙනුවට ඔබේ සියළුම files වුනත් upload කිරීමේ හැකියාව ලබාදීමයි. උදාහරණයක් විදියට ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගන්න සියළුම ඡායාරූප dropbox වෙතට ස්වයංක්‍රීයව එක් කල හැකියි.

Amazon: ඇමසන් සමාගම ආරම්භ කලේ අන්තර්ජාලය හරහා පොත් විකුණන්නටයි. ඒත් ඒ කාලයේ කිසි කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත අන්තර්ජාල ගණුදෙනු සඳහා යොදාගන්නට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Shipping Cost ලෙස අමතර මුදලක් ගෙවන්නටත්, පොත් ලැබෙනකම් සතියක් විතර බලාගෙන ඉන්නටත් පාරිභෝගිකයින්ට සිදු වුනා. හැබැයි එසේ වුනත් පොත් සාප්පු වල රස්තියාදු නොවී අන්තර්ජාලය හරහා පොත් මිලදී ගන්නට ක්‍රමක්‍රමයෙන් බොහෝ දෙනෙක් පුරුදු වුනා.

Virgin Atlantic: වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවාව ආරම්භ කල සමයේ එයත් දහස් ගණනක් ගුවන් සේවාවන් අතරින් එකක් විතරයි. ඒත් සාමාන්‍ය ගුවන් සේවාවකදී ලබාදෙන ආරක්ෂණ උපදෙස් මාලාව වෙනුවට, හාස්‍යජනක වීඩියෝවකින් ආරක්ෂණ උපදෙස් ලබාදෙන්නට වර්ජන් සමාගම තීරණය කලා. ඒ පුංචි වෙනස අනෙකුත් ගුවන් සේවා අභිබවමින් ඉහළටම පියඹා යන්නට වර්ජින්ට පියාපත් දුන්නා. ඒ වගේම සමාගමේ නමත් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා. :)

Mint: මින්ට් කියන්නේ බැංකු තොරතුරු, මූල්‍යමය තොරතුරු එක්කාසු කර විශ්ලේෂණයට යොදාගන්න සේවාවන් සියගණනක් අතරින් එක් සේවාවක්. ඒත් කොළ පැහැ අක්ෂර රටා වලින් බැංකු ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය වැඩි ආකාරයකින් පෙන්වූ නිසා එය අනික් ඒවා අතරින් කැපී පෙනෙන වෙනසක් සිදුකලා.

iOS: iOS මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමේදී බොහෝ දෙනෙක් ඒ ගැන අප්‍රසාදය පළකලා. ඒ වෙනකොට තිබුණු මිලියන ගණනක් Mac OS, Windows හෝ Linux භාවිත කල හැකි උපකරණ කිසිවකට මේ නව මෙහෙයුම් පද්ධතිය සහාය දැක්වූයේ නැහැ. ඒත් ඉතාමත් ටික කාලයකින් ලොව වැඩිම දෙනෙක් භාවිත කරන මෙහෙයුම් පද්ධති අතරට එන්නට මේ මෙහෙයුම් පද්ධතියට හැකි වුනේ iPhone ජංගම දුරකථන සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් නිසාමයි.

Google: ගූගල් කියන්නේ ලොව මුල්ම සෙවුම් යන්ත්‍රය නෙවෙයි. දෙවෙැනි සෙවුම් යන්ත්‍රයත් නෙවයි. 20 වැනියට නිකුත් කල සෙවුම් යන්ත්‍රය තමයි Google කියන්නේ. ඒත් ඒ වෙනකොට තිබුනු සෑම සෙවුම් යන්ත්‍රයකට වෙබ් පිටුව වෙළඳ දැන්වීම්, විවිධ අනවශ්‍ය අංගම වලින් පිරී තිබුනත් Google හි තිබුනේ කුඩා Text Box එකක් විතරයි. අන්න ඒ වෙනස තමයි Google ගේ සාර්ථකත්වයට හේතු වුනේ.

GitHub: නොමිලයේ ලබාදෙන මෘදුකාංග යොදාගෙන නොමිලයේ ලබාදෙන මෘදුකාංග නිර්මාණය කරන්නට සල්ලි වියදම් කරලා ගිණුමක් පවත්වාගෙන යන්නේ කවුද? ඒත් GitHub භාවිත කරන අය ඒ දේ කරනවා.

PayPal: වැඩි ආරක්ෂාවක් නැති AOL හෝ Yahoo ඊමේල් ලිපින යොදාගෙන මුදල් හුවමාරු කරන්නට අන්තර්ජාලය යොදාගනීවි කියන එක ඒ දවස් වල කවුරුත් විශ්වාස කලේ නැහැ. ඒත් අද වෙනකොට ලොව අංක එකේ මුදල් හුවමාරු වෙබ් අඩවිය බවට PayPal පත්වී හමාරයි.

Instagram: ෆිල්ටර්ස් ! ඔව් ෆිල්ටර්ස් විතරයි. ජංගම දුරකථන ඡායාරූපකරණය වෙනස්ම දිශාවකට යොමුකල මේ ඉන්ස්ටර්ග්‍රෑම් වල සාර්ථකත්වයට හේතු වුනේ මේ ෆිල්ටර්ස් ටික විතරයි.

LinkedIn: වෘත්තීය මට්ටමේ සමාජ ජාලයක්. මුලදී වැඩිදෙනෙක් කිව්වේ මේ අදහස කිසි වැදගැම්මකට නැති අදහසක් ලෙසයි. ඒත් අවුදුරු ගාණකට සැරයක් හරි රස්සාවක් හොයගන්න ඕන වුනාම LinkedIn භාවිත කරන පිරිස එන්න එන්න ඉහළගියේ සැවොම පුදුමයට පත්කරමිනුයි.

Tesla: බැටරි හදලා විකුණනවා වෙනුවට ටෙස්ලා සමාගම කලේ බැටරි වලින් සුපිරි කාර් එකක් හදලා විකුණන එකයි. ඊට අමතරව ටෙස්ලා බෙදාහැරීමේ ජාලයක් වගේම බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ජාලයකුත් මේ සඳහාම නිර්ාණය කරන්නට ටෙස්ලා සමාගමට සිදුවුනා.

SpaceX: නාසා සමාගමට හැකි නම් අපිට බැරි ඇයි. SpaceX හි නිර්මාතෘන් සිතුවේ එහෙමයි. ඒ අනුව ලොව ප්‍රථම අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරයේ ආරම්භකයා වුනේ SpaceX සමාගමයි. ඉතින් දැන් ඩොලර් මිලියන ගණනක් දීල අභ්‍යාකාශයට විනෝද චාරිකා යන්න පෝලිමේ ඉන්නත් වෙලා.

Firefox: පරිගණක අතරින් 90% පරිගණක වල මෙහෙයුම් පද්ධතිය සමඟම වෙබ් බ්‍රව්සරය පැමිණියත් Mozilla සමාගම අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කලා. විශේෂත්වය වුනේ පහසුව සහ වේගය යි.

Twitter: ට්ව්ටර් වෙලාවකට Email වගේ, SMS වගේ, නැතිනම් RSS වගේ. හැබැයි ඒ හැමදෙයකටම වඩා සරල දෙයක් ට්විටර් සිදුකරන්නේ. කවුරුහරි කෙනෙක් කරන දේවල් දැනගන්න මේතරම් පිරිසක් කැමති වේ යැයි කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති නේද?
 
උපුටාගැනීමකි.....

Jun 6, 2014

ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීත තුන

uputaaganimaki

යමුනා මාලනී පෙරේරා කිවිඳිය අතින් ලියැවුණ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි දැයි නොදන්නෙමි ගීතයෙන් කියැවෙන්නේ සමලිංගිකයන් අතර ආදරක් ගැන කියලා දන්නේ කීයෙන් කී දෙනාද.

කරුණාරත්න දිවුල්ගනේ ගායකයා ගයන ගුනදාස කපුගේ අතින් සංගීත්වත් වුණු මේ අපූර්ව ගීතය හැමදාමත් ගොඩක් ආසාවෙන් ඇහුවට මෙච්චර කාලයකට ඒ ගීතයේ පද අරුත් ගැඹුරින් සෙව්වෙ නෑ.

යමුනා මාලනී මේ සඳහා යොදා තිබෙන ගේය පදයන්හී යටි පෙළ අරුත වචනයෙන් වචනය විමසන්නට වන විට මේ සමරිසි ප්‍රේමයක් ගැන කියැවෙන අති විශිෂ්ට ගනයේ සාහිත්‍යමය ප්‍රතිභාවක් පෑ ගීතයක් බව කියන්න මැලිකමක් නම් නෑ. එච්චරටම ඒ අදහස යටි පෙළෙන් පමණක් ඉසමතු කර වන්නට ඇය පෑ දක්ෂ තාවය ගැන පුදුමත් හිතෙනවා.

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳී කාරණේ මම
තවම නොදන්නෙමි

ගහක මල් පිපීම අරුමක් නොවේ... ඒත් ඒ මට අරුමයකි.. කෙනෙකු කෙරේ සිත බැඳීම අරුමයක් නොවේ.. ඒත් මේ සම්බන්ධය මට තවමත් අරුමයකි. ඒ ඇයි දැයි කීමට වචන උපදින්නේ නැත.

කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

කතරේ වැලිකැටයක් පාසා හිරු සමඟ දැවෙමින් පැවැතීම සාමාන්‍ය දෙයකි. ඒ කවුරු දනී. කොටින්ම භූමියක් කාන්තාරයක් වන්නේ වනුයේ ද හිරුගේ රශ්මිය නිසාවෙනි. 

කාන්තාරයට වැසි වැටීම සම්මතය නොවේ. ඒත් ඒ කතරම, කලාතුරකින් අහම්ඹෙන් හෝ ඇද වැටෙනා වැස්සට ආස කරයි. ඒ තදින් වැළඳ ගන්නා බව ලොව නොදන්නා, නොදකින ඇත්තකි.



එලෙසම ගැහැනුන් පිරිමින් අතර ආලය සදාතනික ලෝක සම්මතය වුවත් ලොවට හොරෙන් වන ගැහැනියක ගැහැනියක අතර හෝ පිරිමියෙකු පිරිමියකු අතර වන ආදරයත් කිසිදා තහනම් කරනු බැරි සොඳුරු ආදරයක්මය.

සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්

සඳත් තරුත් අතර වන ප්‍රේමය සදාතනිකය. ඒත් මේ එක තරුවක් හෝ තරුපති වූ හිරුට පෙම් නොකරාවි යැයි කාටද කියන්න පුළුවන්. නෑ එහෙම වෙන්න පුළුවන්. මගේ ප්‍රේමයත් එවැනියි නුඹ කෙරේ වන්....නුඹවත් එයින් පුදුම කරවයි.

විරුද්ධ ලිංගිකයක් අතර ආදර සම්බන්ධකම් පැවැත්වීම තහනම් වූවක් හෝ අසම්මත වූවක් හෝ නොවෙයි. ඒ අරුමයකදු නොවේ. ඒත් සමාන ලිංගිකයකු කෙරේ කෙනෙකුට ආදරයක් ඇතිවීම විය හැකි සේම සම්මත ආදරය මෙන්ම ඒ ද සොඳුරු ප්‍රබල ආදරයක් බවත් යමුනා මාලනිය මේ ගී පද අතරින් පවසයි.

ගහක මල් පිපීම අරුමක් නොවේ...

සමලිංගික ප්‍රේමය ගැන කියවෙන තවත් ගීතයක් ලෙස කපුගේ සහ දිවුල්ගනේ ගයන 'රුවට රුවක් ඇදෙනවා' ගීතය ගැනත් කතා කරන්න පුලුවන්. මේක ලිව්වේ මහින්ද දිසානායක.

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..
මීවිත ඇදිරිය දෑස වසනවා...
හද පොදි බැදි දුක දිය කර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා..

සොදුරු යොවුන් විය මල් මග මුල හිද
කිම තොල මී විත පොගවන්නේ...
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරාවකින් මා දෙතොල තෙමන්නේ

නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා...
අවන්හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා..

පිරිමි දෙදෙනකු ගයන මේ ගීතය අවසානයේ ලිංගික ආරාධනාවක් තියෙන්නේ..



ආදර මල් වල පාට කියන්නද

ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ

මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා

මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා

සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා

කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ ගයන ආදර මල්වල පාට කියන්ද ගීතය සම්බන්දයෙනුත් ඇතැම් විචාරකයන් මේ සමලිංගික ප්‍රේමයක් හා විෂම ලිංගික ප්‍රේමයක් අතර ගැ‍ටුමක් කේන්ද්‍ර කරගෙන ලියුවක් බවට අදහස් පල කරනවා. 

මේද පිරිමින් දෙදෙනකු විසින් ගායනාකරන නමුත් මේ ගීතය සංකීර්ණ අරුත් දනවන්නක් බැවින් මේ කියැවෙන්නේ සමරිසි ප්‍රේමයක් දැයි නිසැකවම තබා උපකල්පනයක් හෝ දිය නොහැකියි.

මේ ගීතයේ පද අතර ඇති 'දේදුණු' , සමලිංගිකත්වය සංඛේතවත් කරන දේදුණු වර්ණ ධජය හා පැටැලැවී තිබීමක් නිසා මේ සමරිසි ගීතයක් යැයි ඇතැම් අය නිසැක ලෙස අදහස් පල කළත් මේ තවදුරටත් විමසිය යුතු අපූර්ව ගීත නිර්මාණයක්...



ලංකාවේ විශේෂයෙන්ම රූපරචනයන් සහිතව ඉදිරිපත් කරනු ලබන බොහෝ ගීත නිර්මාණයන් වල තිබෙන පොදු ඛේදවාචයක් ගැනත් යම් සටහක් තැබිය යුතුයි. 

මොකද අපි අහන දකින ගී නිර්මාණවල රචකයන් ඇත්තටම ඒ නිර්මාණය මඟින් පවසන්නට තැත් කළ දේට වඩා හත්පසින්ම වෙනත් කතාවක් එම ගී රූපරචනයන් මගින් ඉදිරිපත් කරනවා. 

මේ නිසා ගීත රචකයන් අදහස් කළ දෑ විකෘත වෙලා. මේ නිසා රූප රචනා සහිතව ගී රසවිඳීමත් අද කාලයේ රසිකයන් නොමඟ යැවීමක් බවට පත්වෙලා.

Apr 16, 2014

පිරිමියෙක්ව මේ විදිහට ලේසියෙන්ම තේරුම්ගන්න

කාන්තාවක් සහ පිරිමියෙක් අතර සම්බන්ධතාවයකදී, කාන්තා පාර්ශවය ඒ සම්බන්ධතාව දකින


 විදිහ වගේම පිරිමි පාර්ශවය ඒ සම්බන්ධතාවය දකින ආකරයක් තියෙනෙවා.අද අපි පැහැදිළි කරන්නේ පිරිමියෙක්ට තමන්ගෙ සම්බන්ධතාවය හා ඒ ආශ්‍රිත නීති රීති ගැන තියෙන්නේ මොන වගේ හැගීමක් ද කියලා.
1.පිරිමි කියන්නේ ගැහනු මනස කියවන්න පුලුවන් කමක් තියෙන විශේෂ ජීවී කොට්ටාශයක් නෙමෙයි.

2.ප්‍රශ්නයක් අති වුනු වෙලාවකදි පිරිමියෙක් ඉස්සරහා අඩනවා කියන්නේ හරියටම ඒ මිනිහව blackmail කරනව කියන එක.

3.ඔබට මොනාමහරි දෙයක් ඕනෙනම්,ඒක කෙලින්ම කියලා ඉල්ල ගන්න.නිකන් ඔනේ දේ ගැන හින්ට් පාස් කර කර හිටියා කියලා,පිරිමින්ට ඒවා තේරෙන්නේ නෑ.

4.පිරිමියා අහන ඕනෑම ප්‍රශ්නයකට කෙලින්ම 'ඔව්' හරි 'නෑ' හරි කියලා උත්තර දෙන්න.අපේ උත්තර ගොඩාක් දිග වුනහම,පිරිමින්ට බොහෝ වෙලාවට අහපු ප්‍රශ්නෙත් අමතක වෙලා යනවා.

5.තමන්ගේ ප්‍රශ්නෙකට ඇත්තටම උදව්වක් ඕනෙනම් විතරක් ඒ ප්‍රශ්නේ ඔහුත් එක්ක කතා කරන්න.එහෙම නතුව නිකන් අනුකම්පාව ගන්න නම් ඒකට සුදුසු ඔහු නෙමෙයි.ඔයාගේ ගෑනු යාලුවෝ ටික.

6.පිරිමියෙක් කියන ඔනෑම දෙයක වලන්ගු බාවය තියෙන්නේ මාස 6ක කාල සීමාවකට විතරයි.එයිනුත් බොහෝ අදහස් දින 7කට පස්සේ වලන්ගු බවකින් තොරයි.

7.ඕනෑම පිරිමියෙක් කියන කතාවක අදහස් 2ක් තියෙනවා,ඉන් එකක් නිසා ඔබට තරහා ගියොත් හරි,දුක හිතුනොත් හරි,හැම වෙලාවකදිම මතක තියා ගන්න,ඔහු අදහස් කලේ ඔබට තරහා ගිය අදහස නෙමෙයි,එහි වූ අනෙක් අදහසයි කියලා.

8.ඔබට ඔහු ලවා යම් වැඩක් කර ගැනීමට අවශ්‍ය නම්, ඒක කෙලින්ම ඔහුට කියන්න.එවිට ඔහු ඔබට එය නියමිත ආකාරටය කරලා දේවි.නමුත් ඔහු එම දේ කරන ආකාරයත් කියලා දෙන්න යන්න එපා.ඊට වඩා හොදයි,ඔබම තනිවම අදාල කාර්‍යය කර ගත්තානම්.

9.ඔබ දුකෙන් එන්න වෙලාවක ඔහු ඔබෙන් අහනවා 'මුකුත් ප්‍රශ්නයක් ද?' කියලා.ඔබ කියනවා 'නෑ මුකුත් නෑ' කියලා...............
ඊට පස්සේ ඔහු හිතන්නේ ඇත්තටම ඔබට කිසි ප්‍රශ්නයක් නෑ කියලා තමයි.ඒක නිසා,ඔහු එක්ක හැම වෙලාවකදිම ඔබේ අදහස් කෙලින් ප්‍රකාශ කරන්න................ එහෙම නැතුව,අනේ මේ මිනිහා නම් කිසිම දෙයක් තෙරුම් ගන්නේ නැති මහ හැගීමක් නැති එකෙක් කියලා ඔහුටම දොස් පවරන්න එපා.

10.ඔහුත් එක්ක ඔබට කොහේ හරි ගමනක් යන්න වුනු වෙලාවක,ඔබ අදින ඇදුම ඔහුට මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.මොකක් ඇන්දත් shape!!!!!!!!!!!!!!!!!!!!!

11.ඔහු හැම වෙලාවකදිම හිතන්නේ,ඔබට උවමනා තරම් ඇදුම් තියෙනවා.උවමනා තරමටත් වඩා සපත්තු ජාති ගොඩාක් තියෙනවා කියලා.

12.මේ හැම දේම අතරේ ඔහු හිතන්න්නේ,ඔහු මොන විදිහට හිටියත් හරි හැන්ඩියා කියලා.........

මේ කාරනා ගැන හොදින් අවබෝධ කර ගන්න උත්සාහ ගන්න.එවිට ඔබ දෙදෙනාටම ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් වේවි. මේ දේවල් ඔබේ පිරිමි යාලුවෝ අතර බෙදා ගන්න.කට්ටිය සෙට් වුනු වෙලාවට හොදට හිනා වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි,ඔබේ ගෑනු යාලුවෝ අතරත් මේ අදහස් බෙදා ගන්න.එතකොට ඊටත් වදා හයියෙන් හිනා වෙන්න පුලුවන්.



සටහන යුගාන්තා වේරගොඩආරච්චි
උපුටාගැනීම හිරු වේතින්.... 

Apr 15, 2014

"ෆෙන්ෂුයි” (Fengshui)

 ( කාරුණික ආයාචනයයි: මෙම ලිපිය දිගු මුත් කරුණාකර එය හොඳින් මුළ සිට අගට කියවන මෙන් අයැද සිටිමි..උඩින් පල්ලෙන් කියවීමෙන් මෙහි අරමුණ ඉටු නොවේ..)
මෙම ලිපියට මම පහතින් අමුණා ඇති සේයාරුවෙහි පිළිමය ඔබ දැක තිබෙනවාද?..මෙහි මූර්තිමත් වන්නේ තාඕ (Tao) හෙවත් “ආත්මා” වාදීන් ගේ වාසනාවේ දේවයන් සත් දෙනා අතුරින් එක් අයෙකු ලෙස සැලකෙන “බූදායි”(Budai) නම් දෙවියායි..නමුත් පෙරදිග ශිෂ්ඨාචාරයන් ගැන හරි හැටි වැටහීමක් නැති බටහිර ජාතීන් මෙකී මූර්තිය ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ලෙස අනවබෝධයෙන් සළකා මෙයට”The Laughing Buddha” යන අනවර්ථ නාමය යොදා අමතති…වෙනත් ආගමික චෛතසිකයක හැදී වැඩුනු බටහිරයන් එසේ ඇමතීම අපට වටහා ගත හැක…(එහෙත් අපේ වගකීම වන්නේ බටහිරයන්ටද එකී සාවද්‍යයන් ගැන කරුණාවෙන් විග්‍රහ කර දී ඔවුන්ගේ දුර්මතයන්ද දුරු කීරීමට උත්සාහ දැරීමය..නැතිව “ඔන්න ඔහේ ඕන එකක් හිතා ගත්තාවේ” කීම නොවේ)
….අන්තරාය….
නමුත් වඩාත් අවාසනාවන්ත කරුණ එය නොවේ..නමුත් මෑතක සිට ශ්‍රී ලංකාවේ සිංහළ බෞද්ධයන්ගෙන්ද එක්තරා කොටසක් මෙම ප්‍රතිමාව සිය නිවෙස්,වාහන, කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන වල තබාගෙන සිටිති…ඕනෑම රටක සිට එන ඕනෑම විකාරයක්, ඕනෑම අපද්‍රව්‍යයක් සාදු නාද කොට, පෙරහැර පවත්වා ගෙට වඩම්මාගෙන යන ජාතියක් හැටියට අප ප්‍රකට හෙයින්, මේ තත්වය තවත් උත්සන්න වන්නට මත්තෙන් ඒ ගැන යමක් සඳහන් කිරීමට කල්පනා කළෙමි..
ඉතාම භයානක වන්නේ මෙකී “බුදායි” නම් දෙවියෙකුගේ යැයි කියන රුව ගෞතම බුදු පියාණන්ගේ බවට අප අතරම සිටින ඇතැම් නූගත් බොදු කොටස් කල්පනා කිරීමට පටන් ගැනීමය..මේ තත්වය යුහුසුළුව නිරවද්‍ය නොකළහොත් අනාගතයේදී අපේ බුදු ගෙවල් වල වැඩ සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන මහා “විශ්ව සියපත” ගේ රූපකායද අතුරු දහන්ව ඒ වෙනුවට මේ රූපයෙහි දැක්වෙන මහත් වූ උදර සහිත වාමන රූපය ආදේශ වීමේ අන්තරායක් පවතී…
සියළු බොදු ලක් වැසියන්ගේ දැන ගැනීම පිණිස නැවත වරක් මෙලෙස ලියමි…අවධාරණය කොට කියමි..
“මේ සිනා මුසු මුහුණින් සිටින, මුඩු හිසක් සහිත රූපය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපයක් නොවේ…අවම තරමේ අප වැනි බෞද්ධයන් ජීවත් වන විදේශ රටක වත් ” මේ බුදුන්” යැයි සිතා අඹන ලද රූපයක් නොවේ..මේ වූ කළී බුදු දහම ඈත පෙරදිගට යන්නට මත්තෙන් එහි වූ ඇතැමි විශ්වාස වලට අනුව “බූදායි” නොහොත් ධාන්‍යයට හා ධනයට අධිපති යැයි සැළකෙන් දේවතාවෙකුගේ මූර්තියකි..මෙය මහායාන හෝ ථේරවාදී බුදු දහම් ශාඛා ද්විත්වයට කිසිදු අයුරකින් කිසිම සම්බන්ධයක් නොමැත්තකි…නැවතත් කියන වග නම්, මෙහි ගෞතම බුද්ධ ශාසනයේ කිසිදු ශාඛාවකට කිසිදු සම්බන්ධයක් නැත…මේ අපේ බුදු හාමුදුරුවෝ නොවේ”
( ආදරණීය පාඨකයනි! කරුණාකර මහා විනාශයක් වීමට මත්තෙන් මේ ගැන ඔබේ බොදු, නොබොදු මිතුරන් දැනුවත් කිරීමට වග බලා ගන්න )
….මෙන්න අපේ බුදු හාමුදුරුවෝ….
සකළ විධ, අචින්ත්‍ය වූ විශ්ව සත්ව විෂයටම ඉහළින් පෘතුවියෙහි මිනිස් කුළකය ඔසවා තබන, මනු කුළ කිරීටය වූ අපේ බුදු හාමුදුරුවෝ, බුදු වරයන්ට පමණක්ම අනන්‍ය වූ “දෙතිස් මහා පුරුෂ ලක්ෂණ” වලින් සමන් විත වන සේක…එකී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහත පරිදිය…(දීඝ නිකායේ “ලක්ඛණ” සූත්‍රය ඇසුරෙනි)
1. සුප්ට්ඨිත්ත පාද – සම්මා සම්බුද්ධ සිරි පතුළෙහි සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉදිරි පස ඇඟිලි සහ පසු පස විළුඹ අතර, ඇතුළට නෙරීමක් නැත..උන් වහන්සේගේ පාදය සමව බිම ස්පර්ෂ කරයි…
2. හෙට්ඨාපාදතලෙසු ච්ක්ඛාණි – “පාද තලෙසු” යනු යටි පතුළයි..බුදු සිරි පතුළෙහි චක්‍රයක සළකුණක් සහිතය..මෙය යශෝධරාවන් රහල් කුමරු අරඹයා බුදු ගුණ වැනුමට ගැයූ “ඡත්ත වරන්ඛිත රක්ත සුපාදෝ” යන්නෙන්ද නිරූපණය කෙරෙයි…මේ චක්‍රය සමඟ සිරි පාද පත්මයෙහි තවත් “මේරු, චක්ඛවාළ සිඛරී, මිග,සූරෝ, ධජෝ” යනාදි සඥෙ‍යෛය ලක්ෂණ 108ක් ඇත…
3.ආයතපණ්හි – දික්වූ විළුඹ සහ වළළුකර
4.දීඝංඟුලි – දිඟු ඇඟිලි
5.මුදු තළුනභත්ථ පාද – “තළු” යනු පත්ලයි..සිරිපා පත්ල ඉතා මට සිළුටු වේ
6.ජාල හත්ථ පාද – බුදු හිමියන්ගේ අත්පා වල ඇඟිලි (මහපටැඟිලි හැර ) සමාන දිගින් සහ සමාන ඇඟිලි පුරුක් වලින් සමන්විතය..
7. උස්සඬ්කපාදතා – වළළු කර උස්ය
8. එණිජඬ්ගා – මුවෙකුගේ කෙණ්ඩා බඳු සෘජු, නොපළුදු කෙණ්ඩා ඇත්තේය…
9. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති – සෘජුව සිට ගත් කළ සිය දෙ අතින්, දෙදන නොනැමීම ඇල්විය හැක..
10. කොසෝහිත වත්ථගුය්හ – කෝෂයක් පරිද්දෙන් වැසුනු පුරිස් ලකුණකි
11. සුවණ්ණවණ්ණ – රන් වන් පැහැ සිරුර
12. එකෙකලොම – බුද්ධ ශරීරයෙහි සමෙහි එක් රෝම කූපයක ඇත්තේ එක් රෝම ධාතුවක් පමණකි…
13. උද්දග්ගලොම – තථාගතයන් වහන්සේ ගේ සිරසෙහි කේශ ධාතු දකුණට නැමී ඇති “ඌර්ණ රෝම” ලක්ෂණයෙහි පිහිටයි
14. බ‍්‍රහ්මුජ්ජුගත්ත – පහන් ටැඹක් සේ උස්වූ සෘජු, කැපී පෙනෙන නායක ශරීරයකි..
15. සත්තුස්සද – තිලෝගුරු ශරීරයෙහි සවිමත්, පැහැපත් මස් ගොබයන් දෑතෙහිද, දෙපයේද ඇතියෙන් මහා ප්‍රතාපයක් ගෙන දෙයි..
16. සීහපුබ්බද්ධකාය – “පුබ්බද්ධ” යනු “පූර්ව අර්ධ” යන්නයි..බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය කේසර සිංහයෙකුගේ මෙන් තේජ සම්පන්නය…
17. චිතන්තරංස – පුළුල් වූ සම්බුද්ධ උරතළයන් අතර කිසිදු ඇතුලට නෙරීමක් නැත…( සාමාන්‍ය පිරිමියෙකුගේ උරහිස් පතු සහ ගෙල අතර අස්ථි අතුරින් මාංශ ඇතුළට නෙරා යයි..)
18. නිග්‍රෝධ පරිමණ්ඩල – නීග්‍රෝධ වෘක්ෂය වූ කලී පුරාතන දඹදිව්හි කිසිදු පැත්තකට බර වීමක් හෝ ස්ථුල වීමක් නොමැති, කෙළින් සෘජුව අහසට වැඩෙන යෝධ රුකක් ලෙස ප්‍රකට වූවකි..සම්මා සම්බුද්ධ ශ්‍රී ශරීරයද එකී වෘක්ෂය මෙන් අභිමානී වූ සිරුරකි..
19. සමවත්තක්ඛන්ධ – සෘජු, සමාන වක්‍රව වූ ගෙල ප්‍රදේශය
20. රසග්ගසග්ගී ජ්ව්හ – ආහාර වලින් සමාන රස දෙන සම්බුද්ධ රන් දිව
21. සීහහනු – සවිමත්, සිංහයෙකුගේ බඳු, කැපී පෙනෙන හනු සහ හකු පාඩා
22. චත්තාලීස දන්ත – සාමාන්‍ය මිනිසෙකුගෙ දන්ත හෙවත් දත් 32 කි…ශ්‍රී සම්බුද්ධ මුවෙහි සිරි දළදාවෝ 40 ක් පිහිටති..
23. සමදන්ත – දත් බෙහෙවින් සමාන පෙනුමෙන් යුතුය
24. අවිවරදන්ත – සිරි දළදාවෝ මත හෝ ඒවා අතරෙහි කිසිදු විවරයක් නැත..
25. සුසුක්කදාඨ – “සුසුක්ක” යනු “සුදෝ සුදු” යන්නය..බුද්ධ සිරි දළදා ඉමහත් සුදු පැහැයෙන් දිලෙයි..
26. පහූත ජිව්හො – විශ්වයටම අමා වැසි වැස්වූ රන් දිව ඉතා පළල්ය…සවිමත්ය…
27. බ‍්‍රහ්මස්වර – “බ්‍රහ්ම” යන්න පාලියෙහි “අසමසම” යන්නට යෙදේ…සම්මා සම්බුද්ධ ධර්ම ස්වරය අසම සමය…
28. අභිනීලනෙත්ත – ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන, තියුණු සම්බුද්ධ නේත්‍ර සඟල
29. ගොපමුඛ – අළුත උපන් ගෝ පෝතකයෙකුගේ මුවෙහි ඇති රත හා සමාන රතු ඇස් පිල්ලම්
30. උණ්ණා – ඌර්ණ රෝමය
31. උණ්හීසසීස – දිය බුබුළක් මෙන් මනා හැඩයෙන් යුතු සම්බුදු සිරස
32. සුඛුමච්ඡවි – ඉතා මුදු මොළොක් සම
අපේ බුදු හාමුදුරුවෝ ඉහත සඳහන්, සම්මා සම්බුදු වරුන්ට පමණක් සීමාව පහළ වන ලක්ෂණ 32කින් සමන්විත දේහ ධාරී වන සේක..දැන අර චීන පිළිමය දෙස බලන්න…සිනා උපදවන සුළු, සිල්ලර කඩේක මුදලාලි කෙනෙකු බඳු වූ මේ පෙනුමෙන් කළා කරුවෙකු බුදුන් දැක්කා විය හැකිද?..මුළාවේ නොවැටෙන්න…අපේ ගෞතම බුදු හාමුදුරුවෝ ඉහත පර්ණයෙහි වූ මහා තේජසින් යුක්ත විශ්ව නායකත්වයකි…අතීතය දැකිය හැකි සෘද්ධිමත් මහ රහතුන් වහන්සේලාගෙන් අසා දැන ගෙන “බුදු රදුන් නම් මේ යැයි” ඉන්දියාවේ කුෂාණ රාජ පරම්පරා විසින් නෙළවූ ලොව පළමු බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා ඒ ඇසුරෙන් සිරි ළක විශ්මිත ගල් වඩුවන් නෙළු අවුකන ආදී විජය ලීලා ඇති බුදු ප්‍රතිමා තුළින් වත් අපට සැබෑ ජීවමාන සම්මා සම්බුදු වරයෙකුගේ බුද්ධ තේජස මේ යැයි නිවැරදිව දැක බලා ගත නොහැක…බුදුන් වහන්සේ යනු ඒ සා සුපිරි පෞර්ෂයකි..
….විකාර ආවේ කොහෙන්ද?….
අප රටේ එතරම් ජනප්‍රිය නොවූ මෙකී පිළිමය අප රටට පැමිණියේ “ෆෙන්ෂුයි” (Fengshui) නම් චීන සම්ප්‍රදායික විශ්වාස මාලාවද සමඟිනි..ඇත්ත වශයෙන්ම කියතොත් ෆෙන්ෂුයි යනු බුදු මඟින් බෙහෙවින්ම බැහැර වූ, ආත්මලෝභී විකාරයකි..එපමණක් නොව එහි ඇතැම් ඇදහිලි ඉතාම හාස්‍ය ජනකය..උදාහරණ ලෙස: වැලි පැකට් පසුම්බියේ දමාගෙන යාම, ගංඟා වලින් ඇහිඳින තිරුවානා ගල් බෙල්ලේ එල්ලා ගැනීම වැනි විසුළු වැඩ තුළින් තමාට යහපත් කාළයක් උදා වේ යැයි විශ්වාස කිරීමකි…
බුද්ධිමත් බෞද්ධයිනි..මඳක් සිතා බලන්න..එක එක වැලි වර්ග ළඟ තබා ගැනීමෙන් වාසනාව උදාවනවා නම්, මෙලොව මහා ධන කුවේරයන් වන “බිල් ගේට්ස්, වොරන් බුෆේ, කාර්ලෝස් ස්ලිම්” වැනි අය අබිබවා, කැළණි ගඟේ වැළි ගොඩ දමන්නන් ධනවත් විය යුතු නොවේද?.. එසේ නම්”ෆෝබ්ස්, ද ඉකොනොම්ස්ට්”(Forbes & The Economist) බඳු ජාත්‍යන්තර වාණිජ සඟරා ලොව ධනවත්ම මිනිසුන් ලෙස නම් කළ යුත්තේ ජා-ඇල, වත්තල වැලි මුදලාලිලා නොවේද?…එහෙනම් නිතර වැළි සහිත මඩෙහි ගැවසෙන “කිරි ඉබ්බන්, කාවයියන්, දිය බරියන්, කබරයන්, ගෙම්බන්” ඊටත් වඩා ධනවත් වාසනාවන්තයන්ද?
1949 දී චීනයේ මා ඕ සේතුං විසින් සන්නද්ධ කොමියුනිස්ට් විප්ලවය ජය ගැන්වීමෙන් පසුව, චෞ එන් ලායි (Chou- En – Lai) නම් විප්ලවීය නායකයා යටතේ ආ “සංස්කෘතික විප්ලවය” මඟින් මේ ෆෙන්ග් ෂුයි නම් මනෝ විකාරය තහනම් කොට රටින් අතු ගා දමන ලදී…රෝ බිය, මත් බිය, පර සතුරු බිය නිසා උපතේදී ආයු අපේක්ෂාව වසර 49 කට සීමා වී තිබූ චීනය ලෝක තලයේ යෝධයෙකු ව නැඟී සිටියේ මේ විහිළු වලින් එරට නිදහස් වීමෙන් පසුවය..”ෆෙන්ග්ෂුයි” ගෙන එන වාසනාවේ තරම ඔබට එයින් සිතා ගත හැකිය…දැන් මේ සමයම් වලින් නිදහස් වූ පසුව චීනයට හරි ගොස් ඇති සැටි පසුගිය ඔලිම්පික් (2008) සමාරම්භක උළෙලෙන්ම ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි…
අවාසනාවක මහත! මේ මළ විකාර ඒවා උපන් රටවලින් අතු ගෑවී යද්දී, ඒවා උපන් රටවල් පවා මේවායින් බැහැරව දියුණුවේ හිනි පෙත්ත කරා යද්දී, පිට සක්වළ ජීවින් පවා සරණ ගිය මහා විද්‍යාවක් උපතින් උරුම කර ගත් අප, ඒ කුණු කසළ කෑමට සැදී, පැහැදී සිටින්නෙමු…
….මේවා ගෙනාවේ කවුද?….
උපන් චීනයේ ජනතාව පවා බැහැර කළ මේ මිසදිටුව ලක්දිව ව්‍යාප්ත කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළේ, සෙල්ල කතරගම පැත්තේ අළුතින් ඉදිකළ “දේවාලයක්” ගජරාමෙට කාසි උණන “පිටකොටුව” බඳු බහු විධ ජාවාරම් පොළක් බවට පත් කර ගත්, විකිණෙන්නේ නැති ජෝතිෂ්‍ය පත්තරයක කළමණාකාරීත්වය විසිනි..(ඉහත දේවාලයට ඔබ ගොස් ඇත්නම් මා කියන දෙයම ඔබටත් වැටහී ඇතැයි සිතමි..)…මේ දේවාලයට ඔබ එක් වරක් හෝ ගොස් තිබෙනවාද?..මේ දේවාලය වනාහි බ්‍රහ්ම ජාල සූත්‍රයෙහි බුදු පියාණෝ කොටස් 64කට බෙදා ප්‍රතික්ෂේප කළ අන්ත “ශාස්වථවාදී” විශ්වාස අතර ඇති, “ක්‍රිෂ්ණා, හනුමාන්” ඇදහීම අපේ බෞද්ධයන්ට හුරු කර, ඒවායේ ඇති මිසදිටු අයිතමයන් විකුණා ගැනීමට සකසන ලද ජාවාරම් පොළකි….(ජාතියේ පිනට උපන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට 2007 වසරේදී මාරක අපළයක් ඇති බවට, කුහක දේශාපලන කොන්තරාත්තුවක් ගෙන, ඵල කළේ මේ කෑදර පුවත්පතමය..)
කිරට හඬන අසරණ බිළින්දන් සිටින රටක සිංහළ බෞද්ධයෝ බුරුතු පිටින්, උන් මඟ හැර ගොස්, මේ දේවාලය මැද්දේ තොටිල්ලක “ක්‍රිෂ්ණ බබා” ලෙස නම් කොට තබා ඇති ප්ලාස්ටික් බෝනික්කෙකුට රට කිරි පිටි පැකට්, ළදරු සුවඳ විළවුන්, සබන්, ආහාර පාන යහමින් පූජා කරනු මේ දේවාලය පුරා සැළකිල්ලෙන් ඇවිදින ඕනෑම අයෙකුට දැක බලා ගත හැක…මුලදී අළුතින් සෑදු නිවෙස් වල හට්ටි, මුට්ටි එල්ලා තබා ගන්නා ලෙස කියන විහිළුවකින් පටන් ගත් මොවුන් නිසා, අළුතින් සෑදූ නිවෙස් හිමියන්ට උදා වූ වාසනාවක් ගැන මා නම් අසා නැත…ඒ කෙසේ වෙතත්, උළුවහුවක එල්ලූ මෙවැනි මුට්ටියක සිර වූ අසරණ මීයෙකු නම් මිය පරළොව ගොස් සිටි අයුරු මගේ ඥාතියෙකුගේ නිවසකදී දුටුවෙමි…
එක කාළයක් ශ්‍රී ලංකාවේ හන්දියක්, හන්දියක්, බෝක්කුවක්, බෝක්කුවක් ගානේ, පාළු පිටි, මඩ ගොහොරු ගානේ “විෂ්ණු-ලක්ෂ්මී” පූජා පැවැත්වූයේද මොවුහුය..”ලක්ෂ්මිට” බැරි නම්, “රාමා” ට බැරි නම්, “සීතා” ට බැරි නම්, ඔවුන්ගේ සේවකයා වන “හනුමන්තා” යැයි සිතා ගහක් උඩ ඉන්නා හැලි වඳුරෙකුට හෝ වඳින්නට ඕනෑ එකෙකුට වැඳ ගත්තාට අපට කමක් නැත…නමුත් දැන් පැමිණ ඇත්තේ ඔවුන්ගේ මිථ්‍යා ව්‍යාපාරයේ ඉතාම “බිහිසුණුම” අදියරයි..මේවා ඉවසා වැදෑරුවහොත්, තව ටික දවසකින් මුන් ඔය “බුදායි” (Budai) පිළිමය ඔවුන්ගේ දේවාලයේ ඇති එකම බුදු පිළිමය වෙනුවට තබා “ඒ ඉන්නේ බුදු හාමුදුරුවෝ” යැයි ඔබේ දූ පුතුන්ට කියනු ඇත…කාට, කාටත් තරු පන්ති පිටින් පේන්න ගන්නේ එවිටය..
කරුණාකර මේ ගැන දැනුවත් වන ලෙස මම බුදුන් වඳින දෑත් ඔසවා ඔබ සැමගෙන් ඉල්ලමි..
නො එසේ නම් අනාගත පරපුර “බුදු හාමුදුරුවෝ” යැයි කියනු ඇත්තේ මෙහි පෙනෙන වාමනාකාර රූපයටය..මේ රූපය දෙවියෙකුගේ හෝ වේවා, කාගේ හෝ වේවා, එය වරදවා ගැනීමෙන් විනාශ වන්නේ බෞද්ධ ශ්‍රද්ධාවයි…”බෞද්ධ ශ්‍රද්ධාව” යනු “ප්‍රඥාවේ” පීතෘත්වයයි…එය වැඩි දියුණු වන්නේ හෝ රඳා පවතින්නේ හෝ “බුද්ධ තේජස” ගැන අප දරුවන්ට උගන්වන දෙය අනුවය…”බුද්ධ තේජස” රැඳෙන බුද්ධ ප්‍රතිරූපය විනාශ වන්නේ නම්, එයින්ම ශ්‍රද්ධාවද සමඟ සමස්ථ බුද්ධ ශාසනයම කඩා වැටෙනු ඇත…මිසදිටුවන් බුදු රුවට ඔය තරම් නිගා කරන්නේත් එය දන්නා නිසාමය…දරුවන්ගේ නාමයෙන් දැනුවත් වන්න…
(ඔය ෆෙන් ෂුයි විකාර වලට අපහාස කිරීම නිසා ශාපයක් වදී යැයි හෝ, නපුරක් වේ යැයි හෝ කාට හෝ අනියත බියක් ඇත්නම්, ඒ වෙන නරකක් හෝ වදින ශාපයක් මේ ලිපිය ලියූ මට වදීවායි පතා ඒ බිය දුරු කර ගන්න…බුදු දහමේ නිරවුල් භාවය වෙනුවෙන් ලැබෙන මරණයක් වෙතොත් මම ඊට කිසිදු පැකිළීමකින් තොරව මුහුණ දෙමි…)
“පුන් සඳ මෙන් කඳු මුඳුනේ දිස්වෙන….
රන් වන් සිවුරක් පොරවා රැස් දෙන…..
තුන් ලොවටම මෙත් කරුණා වස්සන…
අන්න බලන් බුදු සමිඳුගේ ලස්සන…..”
 
…මෙන්න අපේ බුදු හාමුදුරුවෝ…
_________________________________
…ෆෙන්ග් ෂුයි මිථ්‍යාව ප්‍රචලිත කරන “බුදායි” පිළිමය…
(Written by D.K. at Cardiff of Wales, United Kingdom.එක්සත් රාජධානියේ, වේල්සයේ කාඩිෆ් හි සිට ලියන ලදී…)       
                                                                                                                          
(පිටපත් කර බෙදා හරින්න)

Apr 13, 2014

මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex :

මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex :

නොවිසඳුණු අබිරහස්

මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි. හදිසියේ ම ඊට ඉහළින් පියාඹා යන්න ආ කුරුල්ලන් එකවර ම හැරී වෙන අතකට යනවා පෙනේවි. ගස් පවා ඔබට පෙන්වා දේවි ගැළවී යන්න බැරි බලපෑමකට ඔවුන් නතු වී ඇති බව. එතැන කවාකාර ප‍්‍රදේශයක් පුරා ගුරුත්වාකර්ෂණයේ විකෘති වීමක් ඇති බව ඔබට පෙනී යාවි. ගස්වල අතු පහතට එල්ලා හැළෙනවා. ගස් චුම්බක උතුර දෙසට ඇල වී තියෙනවා. ඒ අවට ඇති ගස් කෙළින් ම උඩු අතට විහිදිලා.


මෙතැන ලෝක ප‍්‍රකටව ඇත්තේ ‘ඔරෙගන් සළාව’ Oregon Vortex කියායි. (‘සළාව’ කියන්නේ සුළියක් වැන්නකටයි) එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ ග‍්‍රන්ට්ස් පාස්හී සිට සැතැපුම් 30ක් පමණ ඈතින් (සාර්ඩින් ක්‍රීක්). මේක ඇමරිකාවේ ඇති හරිම ප‍්‍රසිද්ධ තැනක්. ඒත් මෙතැන මෙහෙම වෙන්නේ ඇයි ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.


මේ සළාව ආසන්න වශයෙන් අඩි 165ක විශ්කම්භයක් ඇති තැනක්. දළ වශයෙන් වටකුරු හැඩයෙන් යුක්තයි. මෙය සංචාරක ආකර්ෂණයක් ලෙස 1930 සිට එහි යන එන්නන් මවිතයට පත් කරවනවා. මෙහි ඇති උපකරණවල මැනීම් අනුව දින 90කට වරක් මෙහි හැඩය හා ප‍්‍රමාණය මඳක් වෙනස් වෙනවා. මේ කවය ඇතුළේ දැන් ඇති පැරණි ලී මඩුව කලින් තිබුණේ කවයෙන් පිට කන්ද උඩට වෙන්නයි. අද එය තියෙන්නේ අඩි 40ක් විතර කවය ඇතුළට වෙන්නයි. මේ මඩුවේ එල්ලා තියෙන රාත්තල් 28ක් බර යගුලිය කෙළින් ම පහළට එල්ලෙන්නෙ නෑ. එහි මඳ ඇලවීමක් තියෙනවා. මේ කවය ඇතුළට, මැද දෙසට, පහසුවෙන් ම ගියත් කවයෙන් පිටට යාම ආයාසයක් ගෙන කරන්න ඕනෑ දෙයක්.


ස්කොට් ජාතික විද්‍යාඥ ජෝන් ලිස්ටර් 1913 දී මේ ස්ථානයේ පරීක්ෂණ 14,000ක් කර අවසානයේ දී නිගමනය කළේ මේ සළාව යෝධ වර්තන කාචයක් ලෙස කි‍්‍රයා කරන බවයි. ඔහු කියන්නේ මේ කවය තුළ දී ආලෝක ධාරාව කවාකාර හෝ සළාකාරව හෝ විහිදෙන නිසා මෙහි දී සිදුවන දේ අපට පෙනෙන්නේ දෘෂ්‍ය මායාවක් ලෙස බවයි. එහෙත් මෙහි දැනට සේවය කරන මග පෙන්වන්නන් ඒ අදහසට එකඟ වෙන්නේ නැහැ.
ඔවුන් කියන්නේ ඔබේ කැමරාව පාවිච්චි කර මෙහි ඇත්තේ දෘෂ්‍ය මායාවක් නොවන බව ඔබට ම ඔප්පු කළ හැකි බවයි. එක් කෙළවරක සිට අනෙක් කෙළවරේ ඉන්නා අයකු ඡායාරූපයට නඟන්න. ඊළඟට ඒ ස්ථාන මාරු කරගෙන මුලින් සිටි දුර ම තබා ගෙන ඔහුගේ තව ඡායාරූපයක් ගන්න. ඒ රූප දෙකෙහි උස හා උරසෙහි පළල සන්සන්දනය කරන විට ඔබට පෙනේවි, ඒ අය දකුණු කෙළවරේ ඉඳිද්දී ගත් පින්තූරයේ දී ඔහුගේ උස හා උරහිසෙහි පළල අනෙක් කෙළවරෙදී ගත් පින්තූරයට වඩා වැඩි වී ඇති බව. මෙහි දී සිදු වන්නේ දෘෂ්‍ය මායාවක් නම්, කායික වෙනසක් නොවේ නම්, ඡායාරූපවල මෙසේ වෙනසක් ඇති වෙන්න විදියක් නැහැ කියලයි, ඔවුන් කියන්නේ.

මෙහි තනා තියෙනවා, පටු ලී වේදිකාවක්. එහි දෙකෙළවර ලී රිටි දෙකක් සවිකරල තියෙනවා. ඒ රිටි දෙක සමාන උසක් ඇති ඒවා යයි මග පෙන්වන්නා කීවත් අපට පෙනෙන්නේ දකුණේ ඇති රිට උතුරේ ඇති රිටට වඩා අඟල් කීපයක් උසින් වැඩි බවයි. මෙහිදී මග පෙන්වන්නා ලෝහ දණ්ඩක් ගෙන ඒවා මැන පෙන්වනවා.
ඊළඟට මග පෙන්වන්නා කියනවා, අමුත්තන් දෙදෙනකුට වේදිකාවට නගින ලෙසට. වේදිකාවේ දෙකෙළවර මුහුණට මුහුණලා සිට ඊළඟට පැති මාරු කර ගන්නා ලෙස කියනවා. මෙසේ යද්දී යන පැත්තට අනුව ඔවුන්ගේ උස අඩු හෝ වැඩි හෝ වන බව එහි යන ඔබට දැක ගන්න පුළුවන්.


ඊළඟට අඩි 5යි අඟල් 8ක් උස අමුත්තකු පැමිණ සිටි පිරිසට මුහුණලා වේදිකාව මැද සිටවනවා. එහි ඉන්නා මගපෙන්වන්නාගේ උස අඩි 5යි අඟල් 10යයි. උසින් වැඩි මගපෙන්වන්නා අමුත්තාගේ වම් පැත්තේ වේදිකා කෙළවරේ (උතුරු කෙළවරේ) සිටින විට ඔවුන් දෙදෙනාගේම උරහිස් එක උසින් ඇති බව අපට පෙනෙනවා. ඊළඟට මග පෙන්වන්නා අමුත්තාගෙන් අනෙක් පැත්තට (දකුණු කෙළවරට) යනවා. අමුත්තා සිටි තැනම සිටිනවා. මෙහි දී මග පෙන්වන්නාගේ උසින් වැඩි බව අමුත්තා අසලින් යන විට පැහැදිලිව පෙනෙනවා.

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවා මේ ගැන මතයක් පළ කරල තියෙනවා. එතුමා සිතන්නේ මේ සංසිද්ධියෙහි දෘශ්‍ය මායාවකට එහා ගිය අපේ ඇඟට දැනෙන දෙයක් තියෙනව කියලයි. ඊට හේතුව දිනපතා කීප වතාවක් ම අඟල් 19ක් තරම් ප‍්‍රමාණයක් දක්වා හැකිළීමක් හෝ ප‍්‍රසාරණය වීමක් හො මේ සළාවෙහි සිදු වන නිසයි. අයින්ස්ටයින් සිතන්නේ මේ බිම තුළ ඇවිද යන විට අයකුගේ සිරුරේ අණුක ව්‍යුහයේ විස්තාරණය වීමක් හෝ හැකිළීමක් හෝ සිදුවන බවයි.

මේ විද්‍යාඥයන් දෙදෙනාගේම පැහැදිලි කිරීම්වලින් මෙහි ඇති අබිරහස මුලූමනින් ම හෙළිදරවු වුණේ නැහැ. මේ සළාව තුළ සිටින අයකුට ඍජුව සිට ගැනීමට නොහැකි බව, හැම විට ම අංශක 7ක් උතුර දෙසට නැඹුරුව සිට ගැනීමට සිදු වීමට හේතුවවත්, කැමරාවල ආලෝක මානයන් මේ සාළාව තුළ දී වැඩි අඳුරක් පෙන්වීමට හේතුවවත් ඔවුන්ගේ න්‍යායික මතවලින් පැහැදිලි වුණේ නැහැ.

මෙය මේ මිහිමත ඇති වඩාත් අද්භූත තැනක්, ඒ වගේ ම තාමත් නොවිසඳුණු අබිරහසක් රැඳුණු තැනක් හැටියටයි සැලකෙන්නේ. පුලූවන්කමක් ලැබුණොත් ගිහින් බලන්න වටින තැනක්.

Apr 10, 2014

සිප ගැනීම පිළිබද ඔබ නොදන්නා කරුණු කිහිපයක් :D :*




 
- ප්‍රතිශතයක් ලෙස ජිවිත කාලයතුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.

- පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.

- 50% පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.



- සිපගැනීම දත් දිරායාම අඩු කරනවා මොකද වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.

- චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන්
සිප ගැනීමට දක්ෂ නැත.

- කැලරි 26 ක ප්‍රමාණයක් ඔබ විනාඩියක සිපගනිමේදී පිච්චි යනවා.

- සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි හදගැස්ම වැඩි වීමට.

- රාත්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ඔබෙගේ මොලයේ විශේෂිත ස්නායු මගින් උදව් කරයි.

- සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ.

- ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව පැය 30යි විනාඩි 45ක් ඉශ්‍රයලයෙන් වාර්තා වේ.

- 16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදක්.

Apr 7, 2014

කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්නා කරුණු 19 ක්

1.  කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.

2.  කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.

3.  කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.

4.  කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.
5.  කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.

6.  "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.

7.  කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.

8.  කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.

9.  අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.

10.  කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.

11.  කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

12.  මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.

13.  කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.

14.  කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.

15.  තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි

16.  කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.

17.  කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ. 

18.  කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.

19.  කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා
උපුටාගැනීම අමුතු කතා